Year and Month |
27,28,29,30-March-2021 |
Number of Days |
Four |
Crew |
16 |
Accommodation |
Andiyamalathenna Ambalama |
Transport |
Hired Van |
Activities |
Hiking, Photography, Sightseeing, Nature Exploring, Pilgrimage, Conservation |
Weather |
Rainy and Misty |
Route |
Colombo -> Hatton -> Nallathanniya -> Sripada |
Tips, Notes and Special remark |
-
-
- Carry enough water
- Do not try in rainy days
- Ask the directions from local
- Plan your conservation project properly
- Get the necessary approvals
- Estimate the cash flow
- Do not disturb the villagers
- Do not litter
- Leave only footprints
- Get ready to wet
|
Related Resources |
Group – සමනල කන්ද රසික එකමුතුව
Pre works – Trip Report |
Author |
Ranshan Fernando |
Comments |
Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
- Renovation of Andiyamalathanna Toilet Complex (Finalizing and reopening)
|
ආඩියාමලතැන්න වැසිකිලි පද්ධතිය ප්රතිසංස්කරණය කර අවසානයි
පලාබද්දල ග්රාම සේවක තුමිය කල විශේෂ ඉල්ලීම වගේම සමූහයේ කිහිපදෙනෙක් පසුගිය වසරේ පටන් කල ඉල්ලීම යටතේ ආඩියාමලතැන්න වැසිකිලි පද්ධතිය මිනිසුන්ට භාවිතා කිරීමට හැකි පරිදි සම්පුර්ණයෙන් ප්රතිසංස්කරණය කිරීමේ වගකීම සමූහයක් වශයෙන් අප බාර ගත්තෙමු. සමුහයෙන් සිදු කරන දෙවන ප්රයාමය වශයෙන් මෙවැනි භාරදූර කර්තව්යයක් සාර්ථකව සිදු කිරීමට සමූහයේ පරිපාලකයින් වශයෙන් අප පියවරින් පියවර සැලසුම් සකස් කෙරුවෙමු.
එහි ප්රථම පියවර වශයෙන් අචින්ත සහ මිගාර සොයුරන් පසුගිය උදුවප් පොහොයට පෙර සති අන්තයේ ආඩියාමලතැන්න අම්බලම වෙත ගොස් එහි සිදු විය යුතු සියලුම දෑ පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කරන ලදී. එහිදී අපට දැක ගැනීමට හැකි වූයේ “වල වැසිකිලි” ලෙස භාවිත කරන වැසිකිලි 6 බැගින් තිබු ගොඩනැගිලි දෙකෙන් එක ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර තිබීම සහ අනෙකෙහි වැසිකිලි 3ක් පමණක් දුර්ගන්දය සහ අවදානමක් මත යන්තමින් භාවිතා කිරීමට හැකි බවයි. මෙම වල වැසිකිලි කුමනාකාරද සහ මෙම ප්රදේශයෙන් හමන දුගඳ කුමනාකාරද මෙහි ශරීර කෘත්යය කිරීමට කොතරම් අපහසුද කියා එය එක වරක් හෝ නොවැලක්විය හැකි හේතු මත භාවිතා කල වුන් දන්නා නිසා ඒ පිලිබඳ වැඩි විස්තර අප නොකියමු.
කෙසේ හෝ අපට විශාල කාර්යයක් සිදු කිරීමට ඇති බවත් ඊට විශාල මුදලක් වය වන බවත් ඇස්තමේන්තු මගින් අප දැන ගත්තෙමු. තවද 1951 වසරේ තනි කළු ගලින් නිමවන ලද මෙම වැසිකිලි 12 කින් යුතු ගොඩනැගිලි 2 ඉන්පසු කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොවූ බව අප දැනගත්තෙමු. කෙසේ හෝ මෙම වැඩපිළිවෙල පටන් ගැනීමට පෙර අපට රත්නපුර ප්රාදේශීය සභාවේ කාර්යභාර නිලධාරී තිලක් මහතාව සම්බන්ධ කරන ලද්දේ පලාබද්දල ග්රාම සේවක තුමිය මගිනි. ඔහු එම වැසිකිලි පද්ධතිය කෙසේ සකස් විය යුතුද සහ එය සිදු කල යුත්තේ කෙසේද කියා මනාවට දැනසිටි හෙයිනි.
ඔහු සමඟ අප කතා කරගත් පරිදි අවශ්ය කළමනා සහ අදාල ප්රමාන අනුව අපටවැය වීමට අපේක්ෂිත දල වියදම ලැයිස්තු ගත කල පසු ජනවාරි මස 7 වැනිදා අප සමූහයේ අයගෙන් පරිත්යාග එකතු කිරීම සඳහා අදාළ විස්තරය පල කෙරුවෙමු. කෙසේ හෝ අප නොසිතු පරිද්දෙන් අපට අවශ්ය වී තිබු රු. හාරලක්ෂයකට ආසන්න මුදල අපට ජනවාරි 10 වනවිටම ලැබුනේ මෙවැනි සද් කාර්යකට උදව් කිරීමට සිටි බොහෝ පින්වතුන් නිසාවෙනි. ඉන්පසු අප ජනවාරි 16/17 සතිඅන්තයේ සමුහයේ කිහිපදෙනෙක් සමඟ අම්බලමට පියනැගුවේ නව වැසිකිලි වලවල් කැපීමට සහ අමුද්රව්ය කිහිපයක් ඉහලට ගෙනයාමටය. එසේම ඔවුන් එම කාර්යය ඉතා සාර්ථකව සිදු කරන ලදී.
එම සති අන්තයේද අචින්ත සහ මිගාර යටතේ හැකි උපරිමයෙන් සමුහයේ කණ්ඩායම වැඩ සිදු කල අතර ඉන්පසු සතියේ තිලක් අයියා වැඩ පටන් ගන්නා ලදී. මන්ද ජනවාරි 30/31 වනවිට සියලුම වැඩ කටයුතු නිමා කර පෙබරවාරි 1 සිට නව වැසිකිලි පද්ධතිය ජනසතු කිරීමට සැලසුම් කල හෙයිනි. අප සිතු පරිදි සියල්ල අදාල දින වලදී නිම කරන ලද අතර යකඩ දොරවල් 12 සවි කිරීමට සහ තීන්ත ආලේපනය සමඟ අවසන් වැඩ කටයුතු කිරීමට සමුහයේ 15 කට ආසන්න පිරිසක් ජනවාරි 30/31 යන ලදී. නමුත් එහිදී අප නොසිතු කර්තව්යයකට මුහුණ දීමට සිදු වූයේ අප ගෙනගිය යකඩ දොරවල් කිසිවක් එම වැසිකිලි වලට සවි කිරීමට නොහැකි වීමයි. මන්ද එම යකඩ දොරවල් දර සිටීමට තරම් එම සිමෙන්ති උළුවහු ශක්තිමත් නොවූ හෙයිනි, එනම් ඒවා සියල්ල දිරාපත්ව තිබීමයි. වැසිකිලියක මුලික අවශ්යතාවයක් වූ දොරවල් සවි කිරීමට අපට නොහැකි වුයෙන් අප හැකි ඉතිරි වැඩ කටයුතු නිමා කර පිටත් වුයේ උළුවහු සියල්ල නැවත සිමෙන්ති කපරාරු කල යුතු නිසාවෙනි.
කෙසේ හෝ කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියද අපට සුදුසු මේසන් කෙනෙකු සොයාගැනීමට නොහැකි විය, එලෙසම හොඳ වැඩකට කොහෙන් හරි කරදරයක් පත් වනවා සේ නොමිලයේ තම ශ්රමය ලබාදී අප වෙනුවෙන් එහි සිටිමින් මෙම ප්රතිසංස්කරණ කටයුත්ත නිසි අයිරින් සිදු කල මහතා පිලිබඳ වැරදි මතයක් ප්රාදේශීය සභාවට ගොසින් තිබුණි. එනම් ඔහු අපගෙන් මුදල් ගෙන ප්රාදේශීය සභාවේ කම්කරුවන්ට නොදී අයතා ලෙස කටයුතු කරන බවකි. නමුත් අප කිසි විටෙකත් ඔහුට කසිදු මුදලක් නොදුන්නේ ග්රාම නිලධාරිතුමිය සහ ඔහු අපට කියූ පරිදි මෙම ප්රතිසංස්කරණයට අදාල සියලුම ශ්රමය ඔවුන් මෙම වාරයේ සිරිපාදේ වැඩ කරන කම්කරුවන් මගින් ලබා ගන්නා බව නිසාවෙනි. එම නිසා අපගේ ඇස්තමේන්තු වල කිසි විටෙකත් මිනිස් ශ්රමය සඳහා කුලියක් ඇතුලත් නොකළෙමු. මන්ද ප්රාදේශීය සභාවෙන් සිදු විය යුතු කටයුත්තක් අපගේ මැදිහත්වීමෙන් සිදු කරදෙන හෙයින් අප මෙම වැඩ සියල්ල අවසානයේ ශ්රම දායකත්වය ලබා දුන් සියලුම කම්කරුවන්ට සරමක්/ කමිසයක් ලෙස ත්යාග ලෙස ලබාදීමට අප සිතු හෙයිනි. කෙසේ හෝ තිලක් අයියා වෙත එල්ල වුනු චෝදනාවෙන් ඔහු නිදහස් වූ අතර එම හේතු මත අපට උළුවහු සකස් කිරීම පෙබරවාරි මාසය තුලදීම සිදු කිරීමට නොහැකි වුනි. පසුව කෙසේ හෝ සුදුසු මේසන් කෙනෙකු සොයාගෙන අතිරේකව අපට වය වෙන අමුද්රව්ය සියල්ල අම්බලම වෙත ලබාදී මාර්තු මස දෙවන සතියේ නැවත වැඩ කටයුතු පටන් ගන්නා ලදී.
කෙසේ හෝ සමූහයේ අප නැවත අම්බලම වෙත ගොස් දොරවල් සවි කර ඉතිරි තීන්ත ආලේපනය සිදු කර විදුලි පහසුකම ලබාදී සමස්ත කාර්යය නිමා කිරීමට මාර්තු මස 27 සහ 28 යොදා ගන්නා ලදී. ඒ අනුව පසුගිය සති අන්තයේ අප 11 දෙනෙකු එහි ලඟා වී සෙනසුරාදා වැඩ කිරීමට පටන් ගත්තද සවස 4 වන විට වර්ෂාව පටන් ගන්නා ලදී. එම වැස්ස එදින රාත්රිය වන තුරු පැවතුනු අතර ඉරිදා දින උදැසනින්ම නැවත අප වැඩ පටන් ගන්නා ලදී. දොරවල් සහ වයරින් වැඩ කෙරීගෙන යන අතරතුර කට්ටිය තීන්ත ගෑමද සිදු කරන ලද අතර නැවතත් දහවල් 12 වනවිට මොර සුරන වැස්ස පටන් ගන්නා ලදී, එම වැස්ස එදිනද රාත්රිය දක්වා පවතී අතර අප දොරවල් 6 සවි කරන ලද ගොඩනැගිල්ලේ Grinding කිරීම වර්ෂාව මැද්දේ රාත්රියේ පවා සිදු කරන ලදී. කෙසේ හෝ අප පැමිණි කාර්යය නිම නොවූ හෙයින් අප 8 දෙනෙකු සඳුදා දිනයද කැප කරමින් මෙහි නැවතී වැඩ නිම කිරීමට එකඟ වූයෙමු. පසුදා ඉතිරි දොරවල් සවි කර එහි වයරින් වැඩද නිම කර පසුදින හෙදිගිය තීන්ත නැවත ආලේපනය කෙරුවෙමු. එහිදී අපට අනෙක් ගොඩනැගිල්ලේ ග්රයින්ඩ් කිරීමට කාලය නොතිබුණි. කෙසේ හෝ එදින සවස් වනවිට වැඩ නිමා කෙරුණු අතර අප පිටත් වීමට සුදානම් වුවද 4.15 සිට නැවතත් මොර සුරන වර්ෂාව පතිත විය, ඒ අනුව අපට අඟහරුවාදා දිනයද කැප කිරීමට සිදු වන බව අපට වැටහුණි. එම වර්ෂාවද මධ්යම රාත්රිය වනතුරු පවතී අතර සිතල් අම්බලමේ අප එක පොඩියට තෙවෙනි රාත්රියද ගත කෙරුවෙමු.
පසුව වැඩ කටයුතු සියල්ල නිමා කරන කර මිනිස්සුන්ට කිසිම අපහසුතාවයක් හෝ දුගඳක් නොමතිම නොමිලයේ භාවිත කල හැකි පරිදි ආඩියාමලතැන්න වැසිකිලි 12 පැවතුනි. විදුලිය/ ජලය ඇතුළු අංගසම්පුර්ණ ලෙස භාවිත කිරීමට හැකි වැසිකිලි පද්ධතියක් ලබාදීමට සමූහයේ ඔබ අපට හැකිවුණි. පෙර පවතී වල වැසිකිලි පද්ධතිය ඉවත් කර පෝච්චි සවි කර, තීන්ත ආලේප කොට , අත්වාරු/ විදුලිය/ ජලය/ බාල්දි සහ දොරවල් සවි කරන ලද පිරිසිඳු වැසිකිලි පද්ධතියක් මේ වන විට බැතිමතුන්ගේ අවශ්යතාවය උදෙසා පවතියි.
එසේම අප විශේෂයෙන් ලීටර් 500 ජල ටැංකියක් සවි කර මධ්යස්ත ජාල සැපයුමක් මගින් ගොඩනැගිලි දෙකෙහි සවි කර ඇති කරාම හතර වෙත ජලයේ වේගයේ අඩුවක් නොවී භාවිතා කිරීමට හැකි පරිදිය. එසේම තවත් අතිරේක වැසිකිලි වලවල් දෙකක් අප කපා ඒවා කොන්ක්රීට් කොට නිසි පරිදි වසා දමා ඇත්තෙමු. තවද වැසිකිලි ගොඩනැගිලි දෙකේම වර්ෂාවට වතුර වතුලට පැමිණීම නැවත්වීමට අප ගොඩනැගිලි දෙකෙහිම වහල සිමෙන්තියෙන් කපරාරු කොට වැසිකිලි ඇතුලට ජලය කඳු වීම වලක්වුයෙමු. ඒ වගේම මෙතෙක් වැසිකිලි 12 තුල විදුලි පසුකමක් නොතිබූ බැවින් අප විසින් වැසිකිලි 12 ටම වෙන වෙනම විදුලි බල්බ යොදා අප විසින්ම වයරින් කොට විදුලි ආලූක පහසුකමද ලබා දී ඇත.
අවස්තා තුනකදී දින 8ක් කැප කරමින් සමුහයේ කිහිපදෙනෙක් සහ අප මේ වැඩ කටයුත්ත සිදු කරන ලද්දේ බොහෝ වෙහෙස මහන්සියක් මැද ස්වේඡ්චාවෙන් වන අතර අප මුහුණ දුන් අභියෝග මහන්සිය මෙහි සඳහන් කිරීමට නොහැකි තරම්ය. සමස්තයක් වශයෙන් සමූහයේ 25 දෙනෙකු පමණ දින 8ක් තුල තම ශ්රමය උපරිමයෙන් නොඅඩුව මෙම වැඩසටහනට ලබා දුන් අතර මෙම අවස්ථාවේ මම ඔබ සියලුදෙනාට ස්තුතිය පුද කර සිටිමි. මෙම දින තුල ඔවුන් හට කිසිදු අඩුපාඩුවක් නැතිව කලට වෙලාවට සියලුම ආහාරපාන ලබා දුන් අතර ඒ සියල්ල අපිට උයාපිහා දුන් තිලක් අයියාද අමතක කල නොහැක. එසේම විටින් විට අවස්ථා දෙකකදී ග්රාම නිලධාරී මෙනෙවිය හැකි ලෙස ඇයගේ සහයෝගයද අපට ලබා දුන් අතර අම්බලම තුල අප සිටි එම කාලය තුල කිසිදු අඩුවක් කරදරයක් හෝ මෙම ගමන් තුලදී අවසර පත්රිකා වලින් තොරව සෘජුවම මෙම කාර්යයන් සඳහා අපට යාමට දුන් අදාළ පාර්ශවත් මතක් කිරීමට කැමතිය.
මෙම ප්රතිසංස්කරණ වැඩපිළිවෙල සාර්ථක කිරීමට අපට රු. 566,000 ක මුදලක් පරිත්යාග කල සමුහයේම පරිත්යාගශීලින් 102 හට බොහොම පින් අත්වනවා වගේම එහිදී විශේෂයෙන් සිහිපත් කලයුතු අදුරුතුමෙකු වෙයි. මන්ද ඔහු අපට අවශ්ය අවස්තාවල නොපැකිලිව අපට අවශ්ය මුදල් අඩුපාඩු සියල්ල ලබාදුන් අතර ඔහුගේ පුර්ණ අනුග්රහයෙන් මෙය කිරීමට රිසි වුවත් මෙම කර්තවයයට සෙසු සැමටත් දායක වීමට අවස්ථාව ලබාදී පින් සිදු කරගැනීමට කටයුතු කිරීම සැබවින්ම අගය කර සිටිමු.
සමස්ථ වියදම පහත පරිදිය. මෙහිදී මතක් කල යුතු විශේෂ යමක් ඇත, එනම් කිලෝ එකක් නල්ලතන්නියේ පාලම අසල සිට ආඩියාමලතැන්න අම්බලමට ගෙනයාමට සම්මත ගෙවීම වන රු.50 අපට රු. 40 දක්වා අඩු කර ලබාදීමට මැදිහත්වුණු සිරිපාදේ පොඩි හාමුදුරුවන්ට බෙහෙවින් ස්තුති වන අතර අපගේ සියලුම අමුද්රව්ය මාස දෙකකටත් වැඩි කාලයක් තම ගබඩාවේ තබාගෙන අපට අවශ්ය පරිදි කලට වෙලාවට කුලීකරුවන් ලවා ලබාදීමට කටයුතු කල මාමා කඩේ මාමාටත් ස්තුතිවන්ත වෙමු.
- යකඩ දොරවල් 12 සහ නාම පුවරු සෑදීමට – රු. 130,000.00
- සියලුම අමුද්රව්ය පිරිවැය – රු.190,000.00
- අමුද්රව්ය අම්බලමට ගෙනයාමේ කුලිය – රු.140,000.00
- පළමු කොටසේ මේසන් කුලිය – රු.15,000.00
- ගමන් සියල්ලේම ප්රවාහන වියදම – රු.38,000.00
- සියලුම ආහාරපාන සඳහා වියදම – රු. 20,000.00
- දෙවන කොටසේ මේසන් වියදම සහ ත්යාග සඳහා – රු.33,000.00
වර්ෂ 1951 දී තනිකර කළු ගලින් නිමවන ලද මෙම වැසිකිලි පද්ධතිය වසර 10 කට අධික කාලයක් පුරාවට භාවිතයට ගත නොහැකි මට්ටමින් ජරාජීර්ණ වී වල්වැදී තිබුණු අතර පැරණි ෆොටෝස් ඔබට පහත අපගේ මුල් ලින්ක් මගින් දැක ගත හැකි අතර සෘජුවම වල වැසිකිලි වූ මින් හමන දුගඳ අම්බලම අවට පැතිරී බැතිමතුන්ට අපහසුතාවයක් ගෙන දුන්නක් බවට එය අත්වින්දෝ දන්නාහුය. නමුත් දැන් මෙම වැසිකිලි පද්ධතිය මුළුමනින්ම අලුත්වැඩියා කර ඉතාමත් ප්රසන්න මට්ටමින් නොමිලේ භාවිතා කිරීමට හැකි පරිදි සකස් කර අවසන්ය. එම නිසා මෙම වැසිකිලි භාවිතා කරන ඔබ නිවැරදිව ඒවා භාවිතා කරන ලෙසත් ලංකික ඔබට කල යුතු දෑ මතක් කරමින් සියලුම වැසිකිලි වල අනුගමනය කල යුතු දැන්වීම් සවි කර නැවත නැවතත් එමගින් වැසිකිලි නිවැරදිව පිරිසිදුව භාවිතා කිරීමට ඔබට මතක් කර ඇති ඇත්තෙමු. ඒ සඳහා ඔබට අවශ්ය සියලුම පහසුකම් අප වැසිකිලි පද්ධති තුල ස්ථාපනය කර ඇත්තෙමු. විශේෂයෙන්ම පිරිමි උදවියට වැසිකිලි තියෙන විට එළිමහන භාවිතා නොකරන ලෙස සහ එම ප්රදේශය දුම් බීමට භාවිතා කරන ස්ථානයක් කර නොගන්නා ලෙසත් ගැහැණු උදවියට තමා භාවිතා කරන සනීපාරක්ෂක තුවා වැසිකිලි තුලට විසි නොකර එළියෙන් තබා ඇති විශේෂ බඳුනට දමන ලෙසත් අප විශේෂයෙන් මතක් කර සිටිමු.
ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි. ![🙏]()
![]() Chamud on duty |
![]() Journey started |
![]() Fixing them |
![]() Achintha ready to go |
![]() It’s too heavy |
![]() On the way |
![]() Near Makara Thorana |
![]() Hard works |
![]() Paid works |
![]() On the way |
![]() Next destination |
![]() Andiyamalathanna Ambalama |
![]() See the difference |
![]() Completed |
![]() Completed |
![]() Shammi on duty |
![]() The walls |
![]() They were clean now |
![]() Achintha on duty |
![]() On duty |
![]() The view |
![]() In front of the ambalama |
![]() The path |
![]() Ready to paint |
![]() Cleared |
![]() Surrounding was clear |
![]() The finishing |
![]() Old than 70 years |
![]() Few items |
![]() Around the toilet complex |
![]() The new pits |
![]() To be filled by pipes |
![]() More to clean |
![]() On duty |
![]() Made in 1951 |
![]() To be completed |
![]() Cleaned |
![]() 15th September 1951 by Public Works Department |
![]() Made in England |
![]() An old item |
![]() Misty |
![]() Ladies side |
![]() Misty |
![]() Well cleared path |
![]() Surrounding |
![]() On duty |
![]() On duty |
![]() Cleaning |
![]() Wow |
![]() On duty |
![]() The view |
![]() On duty |
![]() On duty |
![]() Misty |
![]() Removed items |
![]() Surrounding |
![]() The path |
![]() On duty |
![]() It’s completed |
![]() On duty |
![]() To each toilet |
![]() Well cleared path |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() Upper part is done |
![]() On duty |
![]() Well cleaned |
![]() Fixed parts |
![]() Painting |
![]() New look |
![]() New system |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() Under painting |
![]() On duty |
![]() To be finished |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() Captain On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() 1st round is done |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() On duty |
![]() Made by us |
![]() On duty |
![]() On duty |
![]() Working at night |
![]() Working at night |
![]() Working at night |
![]() Working at night |
![]() Morning Tea at …. |
![]() |
![]() Finishing |
![]() Finishing |
![]() On duty |
![]() On duty |
![]() Working for the electricity between two buildings |
![]() Finally, it’s done |
![]() Completed |
![]() Completed |
![]() Bulbs fixed |
![]() Finished |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() All cleaned and completed |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() All completed now |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Completed site |
![]() Name board |
![]() Name board |
![]() Name board |
![]() Name board |
![]() Name board |
![]() Name board |
![]() The Notice |
|
All the posts related to the program published on the group.
ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි. ![🙏]()
Thank you for reading !
Sobasiri Team ©