Year and Month | 23-April-2016 |
Number of Days | One |
Crew | 04 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> Kandy -> Pussellawa -> Fortoft -> Perettasi |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
රාවණාගේ කරත්ත පාර l C H A R R I O T P A T H
රාවණා ගැන කථා ඕන තරම් අපි අහලා තියෙනවා. ඒ අතරින් වඩා විශේෂ තැනක් ගැන තමයි මේ කියන්නේ. මෙතනට කියන්නේ Chariot path(චැරියට් පාත්) කියලා. හැබැයි පුස්සැල්ලෑව පැත්තේ අය නම් කියන්නේ ‘පිට්ටනි“ කියලා. මේ සුන්දර ස්ථානය තියෙන්නේ පිදුරුතලාගල කඳුපන්තියේ රම්බොඩ පැත්තේ. පුස්සැල්ලෑවට ගිහිං පුස්ස්ල්ලාව පෙට්රසි වත්තෙන් මෙතනට යන්න පුළුවන්.
කොළඹ ඉඳලා එන අයට ලේසි ක්‍රමය තමයි කොළඹ සිට නුවර හරහා පුස්සල්ලාවට ගිහිං එතනින් පෙට්රසි වත්තට යන එක. කොහොමත් කොළඹ ඉඳලා පුස්සැල්ලාවට එන්න පැය 5ක් විතර යනවා. ඒ නිසා පුළුවන් තරම් උදේ එන එක හොඳයි. පුස්සල්ලාවේ ඉඳලා පෙට්රසි වලට කිලෝමීටර් 12ක් තියෙනවා. පෙට්රසි වත්තට ගිහිං එතන අයගේ සහයෝගය ගන්න පුළුවන් මේ ගමන යන්න. පරිස්සමට යන වාහනේ පාක් කරලා යන්න, ගමනට මඟ පෙන්වන්නෙක් හොයාගන්න ආදිය මෙතනදි කරගන්න වෙනවා. එතන ඉඳලා තේ වතු මැදින් තමයි ගමන යන්න තියෙන්නේ. කොහොමත් මෙතන ඉඳලා පැය දෙකක දෙකහමාරක වගේ ගමනක් තියෙනවා.
මේ ගමන ඉතාම අසීරු එකක් අඩි පාරක් දිගේ ගිහිං කඳුකර වනාන්තරය මැදින් තියෙන සීඝ්‍ර බෑවුමක් දිගේ ඉහළට නගින්න තියෙන්නේ. මේ නිසා මෙහේ යන අයට මුලින්ම කියන්න ඕන ඒ දුෂ්කරතාවයට ඔරොත්තු දෙන අය විතරක් මෙහේ යන්න එකතු කරගන්න. මොකද චැරියට් පාත් යන එකම ලොකු චැලෙන්ජ් එකක් නිසා. මේ ගමන යනවා නම් කරන්න තියෙන හොඳම දේ පෙට්රසි වත්තෙ ඉන්න කවුරු හරි පුරුදුකාරයෙන් සෙට් කරගන්න එක. මොකද යන පාර එක එක පැත්තට බෙදෙනවා. හරි පාර හොයා නොගත්තොත් අතරමං වෙනවා. අනික මේ කලාපයේ කඳුකර කොටියා බහුලව ඉන්න පුළුවන් මේ නිසා ගමේ කෙනෙක්ගේ සහයෝගය ගන්න. මොකද ගමේ අය දන්නවා කොටියා ගැවසෙන්නේ නැති වෙලාවල්, සහ කලාප. කොහොම වුනත් පුංචි අවධානමක් නැතුවාම නෙවෙයි.
ගමන කොයිතරම් බියකරු, අසීරු වුනත් ඒ අසීරුකම විඳගෙන කන්ද නැගගෙන ටික ටික ඉහළට යද්දි අවට පරිසරය පේන විදිහ ගැන කියන්න වචන මදි. හාත් පස විහිදුනු ගස් කොළං සහිත සුවදායක පරිසරයක මිහිරියාව ඇඟට දැනෙන්න ගන්නවා.
අසීරුවවෙන් ගමන කෙළවරට අවාම තියෙන්නේ හෝර්ටන් තැන්නට සමාන පරිසර කලාපයක් සහිත තැනිතලා භූමියක්. මේ තැනිතලාවේ හාත්පස බැලුවම පේන්නේ අවට පෙන්නේ දෙපැත්තේ වන රොදවලින් පිරිච්ච මැද හිස් වූ කලාපයක්. මේක හරියට පාරක් වගේ. මේ නිසා තමයි මෙතනට චැරියට් පාත් කියන්නේ. මොකද මිනිස්සු විශ්වාස කරනවා මේ පාර තමයි රාවණාගේ කරත්තය ආපු පාර කියලා. බැලූ බැල්මට ඒ පරිසර කළාපය අමුතුයි. පාරක් වගේ දිගට එක කලාපයක විතරක් උස ගස් වැවෙන්නේ නෑ.
මේ තැනිතලාවේ එක කෙළවරක තියෙනවා වතුර පිරුණු වළක්. මේකටත් ඉතිහාසය සම්බන්ධයයි.මිනිස්සු මේකට කියන්නේ සීතා පොකුණ කියලා. මිනිස්සු විශ්වාස කරනවා මේක සීතාගේ කඳුළු වලින් නිර්මාණය වුනා කියලා. ඒ වගේම මේ පොකුණ ඕනම නියං කාලයක හිඳෙන්නේ නැති බව ගම්වාසීන් කියනවා.
හතරවටින් මීදුම පිරිච්ච කඳු යායවල් අතර මැද හුදකලා වූ මනස්කාන්ත මේ තැනිතලාව කූඩාරමක් අටවාගෙන රාත්‍රියක් ගත කරන්න නියමයි. මොකද ගිය ඕනම කෙනෙකුට මෙතන තියෙන සුන්දරත්වය එක්ක දවසක් ගත කරන්න හිතෙනවාම තමයි. හැබැයි අමතක කරන්න එපා මෙතන කෑම්පිං කරනවා නම් ආතල් ගන්න විතරක් කෑම්පිං කරන්න යන්න එපා. මේ අවට පරිසරය තවම මිනිස් ග්‍රහණයට බරපතල විදිහට ලක්වෙලා නෑ. මේ නිසා සුන්දර වනපෙත විනාශ කරන්නේ නැතුව පරිසරයේ අසිරිය විඳින්න පුළුවන් පුළුවන් මොළේ තියෙන අය විතරක් මෙතනට යන්න.
සටහන උපුටාගැනීම awidimu .com
![]() Chariot Path on Metric Map |
![]() Its shows in Terrian Map and Satellite Map |
![]() Turn to this road |
![]() There are same kind of roads |
![]() Journey Began |
![]() Little rest |
![]() Use the upper path |
![]() Welcoming |
![]() By roads |
![]() The Team |
![]() Again Welcoming |
![]() A Catholic Church |
![]() Fortoft Hospital |
![]() Here is it |
![]() Kothmale Reservoir |
![]() Riding through the gravel road |
![]() Again it, Mahaweli River |
![]() Akila and Malith Sightseeing |
![]() Gerandigala Area |
![]() Perettasi Tea Factory |
![]() Perettasi Old Hospital |
![]() Chariot path middle, Right corner peak is the Perettasi Mountain |
![]() Foot Path |
![]() Came to the top of the Mountain range |
![]() Through the Hatton area |
![]() Met a Lakdasun friend, Sri |
![]() Sri and his friend (Don’t remember his name) |
![]() We came there |
![]() Wow, its amazing |
![]() I was there |
![]() Through heaven |
![]() Walking |
![]() Nearby Mountain |
![]() The drop |
![]() Right side from the drop |
![]() Left side from the drop, Perettasi Mountain is just behind this one |
![]() Another view |
![]() The most nearby Mountain |
![]() Like an Ariel view |
![]() Amazing Plain |
![]() Ruins |
![]() Huge area |
![]() Dry roots and plants |
![]() More to explore |
![]() Natural Dust Bin |
![]() Purely clear |
![]() Footpath created |
![]() We can see Adams peak from here, on a clear day |
![]() Chariot Path |
![]() Going back to the vehicle park |
![]() Tea Everywhere |
![]() Got a local contact |
![]() Return journey through Ramboda |
![]() This route is more difficult than the previous route which we come from Pussellawa |
![]() A bend |
![]() More gravel |
![]() Streams |
![]() Small waterfall |
![]() Tea |
![]() This is the top water of Ramboda Fall |
![]() Dried Ramboda Upper Fall water level |
![]() Nice Nature |
![]() Dried Ramboda Upper Fall |
![]() We came out from here, here is the Nuwaraeliya main road |
![]() Blue Field Tea Factory |
![]() Cafeteria for the visitors |
Thank you for reading !