Quantcast
Channel: Hiking – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 681

Erathna Route Cleaning by සමනල කන්ද රසික එකමුතුව

$
0
0
Year and Month  30-11-2019 & 01-12-2019
Number of Days  Two
Crew  100+ Volunteers
Accommodation  Ambalam at Erathna Route
Transport  Public Transportation
Activities  Cleaning of Erathna Route, Establishing large dust bins, Hanging some flags, Painting the Ambalam, Collect the garbage, Fixing Information boards
Weather  Rainy and Cloudy
Route  Colombo ->  Avissawella -> Kuruwita -> Erathna -> Adavi Kanda
Tips, Notes and Special remark
  • Get the approval from Divisional Secretary, Police and the Wildlife
  • Convey your cleaning plan to the PHi and Divisional Secretary
  • Start the work early morning
  • Gather enough volunteers to do the work well
  • Group the people and give them a unique duty
  • Describe the program plan and inform them the cut-offs
  • Be alert on every person
  • Do not carry unnecessary items
  • Carry enough instant foods and beverages
  • Do not cross the stream during the rain
  • Be careful about wildlife
  • Protect the plants and trees
  • Do your maximum to protect the Peak Wildreness
Related Resources Facebook Group –  සමනල කන්ද රසික එකමුතුව

Saravita.lk Article and the Boards we fixed (Sponsor HHCO Helmet)

How we did it during the rain

Author Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • Erathna Route Cleaning by සමනල කන්ද රසික එකමුතුව

සති තුනක වගේ කාලයක් තුල සංවිධානය වුනු අපගේ මෙම වැඩසටහන අපි හිතුවටත් වඩා හොදට සාර්ථක වුනා. උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයට සහ සමනල වනපෙතට ආදරය කරන පිරිසක් ලෙස මෙම එකමුතුව හරහා එකතු වුනු අපි ලබන සතියේ පොහොය දිනෙන් එළඹෙන 2019/2020 සිරිපා වාරය උදෙසා අපෙන් යමක් කිරීමට කතිකාවක් ගොඩ නැගුනු හෙයින් අප විවිධ මුලාශ්‍ර හරහා අපිට කරන්න පුළුවන් සුදුසුම සහ පලාදයිම වැඩේ මොකද්ද කියලා හොයද්දි තමයි අපිට කුරුවිට එරත්න මාර්ගයේ පවතින මුලික පහසුකම් වැඩි දියුණු කිරීම සහ ශ්‍රමදානයක් සිදු කිරීමට අදහස ජනිත වුනේ. මේ සඳහා අප නිවැරදි ලෙස රාජ්‍ය අංශ හරහා පැමිණිය යුතු නිසාවෙන් අපගේ සහයට ශ්‍රීපාද සේවා මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් මහතා හා සම්බන්ද වීමට ලැබුනා. ඔහු හරහා අප මෙම මාර්ගයේ වගකීම ඇති කුරුවිට ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය දැනුවත් කරමින් මෙම මර්ගයට අවශ්‍යම දේවල් ටික කරන්න අපි සුදානම් වුනා. එහිදී අපි මුලික වශයෙන් පහත ක්‍රියාවන් සිදු කිරීමට තීරණය කෙරුණා.

1. සියලුම අම්බලම් සුද්ද පවිත්‍ර කිරීම සහ තීන්ත ආලේපනය
2. සියලුම අම්බලම් වල සහ ස්ථාන 15ක කසල බඳුන් 3 බැගින් ස්ථාපනය කිරීම
3. සිරිපා කරුණාව සහ පාරිසරික දැනුවත් කිරීමේ පුවරු 10ක් පිහිටුවීම
4. සමස්ත මාර්ගයේම ඇති නොදිරන ප්ලාස්ටික් පොලිතින් වැනි දෑ එකතු කර පවිත්‍ර කිරීම
5. අම්බලම් අවට පාලම් කොඩි එල්ලීම

මේකි කරුණු කාරණා සිදු කිරීමට අපට අවශ්‍ය ප්‍රධානතම දේ වුනේ මුදල්. කෙසේ හෝ තුන් වරක් පමණක් සමුහය තුල මතක් කරමින් අපට හැකි වුනා ඒ අභියෝගය ජයගන්න. දැනුවත් කිරීමේ පුවරු සඳහා අපට පුර්ණ අනුග්‍රහය ලබා දුන්නේ HHCO Helmet ආයතනයයි. ඔවුන් රු.60,000 ක මුදලක් ලබා දෙමින් එම පුවරු 10 අපට සුදානම් කරගැනීමට හැකියාව ලැබුනා. පසුව අපගේ ලොකුම වියදම වුයේ කසල බඳුන් 45, කෙසේ හෝ අපගේ වාසනාවට මෙම කාලය නිසා පවතී වට්ටම් හේතුවෙන් රු.142,800 ක් වටිනා අඩි දෙකහමාරක් උස ලීටර් 100 සහ 120 කසල බඳුන් 45ම අපට 39%ක පමණ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ලැබුනා. බොහෝ දෙනෙක් අපට අවශ්‍ය මුල්‍යමය සහයෝගය ලබා දුන්නා.

People are gathering

They were from all over the country

Participants (1)

Participants (2)

 

Participants (3)

Items are ready to move

Divisional Secretariet of Kuruvita delivering her speech

I am addressing the crew

She was help to take all permissions

Explaining the team requirement

The Head Team

Teams with their Work files (1)

මීට අමතරව පහත ද්‍රව්‍යමය ආධාරත් අපිට ලැබුනා.

Fillar තීන්ත ලීටර් 40ක් සහ පින්සල් 2ක් by Harinda Ranasinghe
පින්සල් 4ක් Akalanka Samarasekara
Large Size Garbage Bags 500ක් by (දුන්නු කෙනාගේ නම නොදනී)
Large Size Garbage Bags 100ක් by Shakila Shehan
පාලම් කොඩි 23ක් by Anu N Dilshan

ඒ වගේම අපි සවි කරපු පුවරු 3කට අදාල උඩවැඩියා මල්, සර්පයෝ සහ උරගයින් සහ අනෙක් සතුන් ගැන විස්තර සියල්ල සහ චායාරුප ලබාදුන් Gayan Prasanga අයියටත් ස්තුතියි.

මේ බදු ඔක්කොම පටවාගෙන සෙනසුරාදා පාන්දර මොරටුවේ ඉදන් අඩවි කන්දටම Free Transport ලබා දුන්නේ Kumara Kapurubandara විසින්.

මේ දේවල් මේ අයුරින් වෙද්දී ඊළඟට අපිට තිබ්බ ලොකුම අවශ්‍යතාවය තමයි වැඩේ කරන්න පිරිසක් ඕනා. කොහොම හරි සෙනසුරාදා උදේ 9 වෙනකොට අඩවි කන්දේ හිටියා ලංකාවේ එක එක පැති වලින් ආපු මේකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ 100 කට ආසන්න පිරිසක්. ඒ අයව අපි අම්බලම් වලට බෙදල එයාලට නියමිත බදු ටික දී දී අපි පිටත් කළා 60කට වැඩි පිරිසක්. පස්සේ බෝඩ් ටික ගෙනියන්න තව 20 දෙනෙක්ව වගේ පිටත් කළා අදාල තැන ගැන කියමින්. ඊටත් අමතරව බෝඩ් සවි කරන්න සහ අමතර වැඩ වලටත් තව 12ක් වගේ හිටියා. උදේ අපි වැඩට පිටත් වෙන්න කලින් කුරුවිට ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් නිහාල් මහතා, PHI ප්‍රදීප් කුමාරසිංහ මහතා,ග්‍රාම නිලධාරී මහතා පැමිණ පොඩි කතාවක් එහෙමත් තියලා නිල වශයෙන් අපේ වැඩ කරන්න සම්පුර්ණ අවසරය දුන්නා.

අපි වැඩේ කරපු හැටි වින්ද දුෂ්කරතා ඒ සියල්ල ගැන අපි කියනවට වඩා පහසුයි ඔයාලා වාරේ එරත්න පාරෙන් යද්දී දකීවි, එකෙන් ඔයාලට තේරේවි අපේ සෙට් එක කාපු කට්ට. සෙනසුරාදා දවල් 12 ඉදන් පටන් ගත්ත වැස්ස රෑ 9 වෙනකන් විතර තිබ්බා, බදු අරන් අපේ සෙට් එකට සීත ගඟුල පනින්න බැරිව පැයක් විතර හිටිය. පස්සේ අනිත් ටීම් එකෙත් සහය එක්ක කට්ටිය එගොඩ වුනා. කොහොමහරි එක එක ජාතියේ අත්දැකීම් ලබමින් ඉරිදා හවස 3 වෙනකොට ඔක්කොම වැඩ ටික ඉවර කළා. පස්සේ ගල්වන්ගෙඩිය ඉඳන් ම එක්ක තව දෙන්නෙක් එකින් එක Check කරමින් පල්ලම් බැස්සා උදේ ඉඳන්. රෑ 7 වනකොට අන්තිම කණ්ඩායම විදිහට අපිත් අඩවි කන්දට ළඟ වෙලා අපේ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කළා.

Teams with their Work files (2)

Teams with their Work files (3)

Teams with their Work files (4)

Teams with their Work files (5)

This is how they carried heavy items

This is how they carried heavy items

This is how they carried heavy items

This is how they carried heavy items

This is how they carried heavy items

This is how they carried heavy items

This is how they carried heavy items

Bins

With Erathna Siripa Service PHI

Fixing the first board at the trail head at PHI office

Fixed the first board at the trailhead at PHI office

Its fixed

Ready to go

Cleaning of Jambolagahayata Ambalama

Cleaning of Jambolagahayata Ambalama

Cleaning of Jambolagahayata Ambalama

Cleaning of Jambolagahayata Ambalama

Fixing the Second board at Jambolagahayata Ambalama

The Second board at Jambolagahayata Ambalama

Raining start at the beginning

Walking further

Walking further

 

Walking further with their work files

Cleaning of Dimondgala Ambalama

Cleaning of Dimondgala Ambalama

Cleaning of Dimondgala Ambalama by these university students who came to support us

Cleaning of Dimondgala Ambalama by these university students who came to support us

Cleaning of Dimondgala Ambalama

Cleaning of Dimondgala Ambalama

Cleaned Dimondgala

Fixing of Third board at Dimondgala

Its fixed

Beautiful Dimondgala

We are leaving from DS crew at Warnagala Ambalama

Fixing of the Fourth board at Warnagala Ambalama

Fixing of the Fourth board at Warnagala Ambalama

Great Western Grama Niladari Madusanka with Kuruwita Divisional Secretariet team

Its fixed

Hard Working

Fifth board at Rata Balana Gala (2)

Its Fixed

Cleaning of Seetha Gagula Ambalama

Crossing Seetha Gagula

Crossing Seetha Gagula

Crossing Seetha Gagula with the Sixth board

Fixing of the Sixth Board

Its Fixed

Cleaning of Seetha Gagula Ambalam

Cleaning of Seetha Gagula Ambalam

Cleaning of Seetha Gagula Ambalam

Cleaning of Seetha Gagula Ambalam

Hanging the Flags at Seetha Gagula

 

Hanging the Flags at Seetha Gagula

Hanging the Flags at Seetha Gagula

Set of a team at Seetha Gagula

Hanging Flags from Seetha Gagula to Warnagala

Hanging Flags from Seetha Gagula to Warnagala

Seetha Gagula Ambalama

Hanging Flags from Seetha Gagula to Warnagala

Board 7th at Medahinna Ambalama

Fixing bins at Demala Mala Hinna

Board 8th at Demala Mala Hinna Ambalama

Some old items we found

A Team at Gal Wangediya

Board 9th at Idikatupaana Ambalama

Another team

Fixing the 10th board at Galwangediya

The Board 10 at Galwangediya Ambalama (End of Erathna Trail)

Cleaning of the route on the second day

Cleaning of the route on the second day

Cleaning of the route on the second day

Cleaning of the route on the second day

A Team at Uda Maluwa

Last Team after cleaning the route on second day

First Board at the Trail Head

Second Board at Jambola gaha yata Ambalama

Third Board at Dimondgala Ambalama

Fourth Board at Warnagala Ambalama

Fifth Board at Rata Balana Gala

Sixth Board at Thummodara/ Seetha Gagula

Seventh Board at Medahinna Ambalama

Eighth Board at Demala Mala Hinna

Ninth Board at Idikatupana/ Gaththampana

Tenth board at Gal Wangediya Ambalama

Notice Boards, we fixed at every Ambalama (2-4 each Ambalama)

 

Covers for the Large Bins which are we kept at 15 places throughout the route. (3 type of bins at a one place)

Covers for the Large Bins which are we kept at 15 places throughout the route. (3 type of bins at a one place)

Covers for the Large Bins which are we kept at 15 places throughout the route. (3 type of bins at a one place)

Sticker for the bin covers

එහෙනම් ඔන්න සමනල කන්ද රසිකයෝ විදිහට අපි මේ එකමුතුවෙන් කරපු පලවෙනි වැඩේම සාර්ථක ලෙස අවසන් කළා. හැම විදිහටම සහයෝගය දුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලගේ සහය නැතුව අපිට මේ වැඩේ කරන්න කොහෙත්ම බැහැ.මේ එකමුතුවේ ඉන්න අයගේ මුල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රම දායකත්වයෙන් සහ අපේම සලසුමින් තමයි මේ පළමු Project එක කලේ. මේක මේ එකමුතුවේ ඉන්න අපි කරපු වැඩක්. එහෙනම් ආයෙත් දවසක අපි එකතුවෙමු. ඔබට ජය !

Join with –  සමනල කන්ද රසික එකමුතුව

Thanks for reading
Sobasiri Team © 2019/20


Viewing all articles
Browse latest Browse all 681

Trending Articles