Year and Month | Chariot Path – 04th Feb 2017
Nuwaraeliya – December 2017 |
Number of Days | One |
Crew | 5 |
Accommodation | N/A |
Transport | Train / Bus |
Activities | Photography, Morning Walk, Snow exploring |
Weather | Misty and Snow falling |
Route | Colombo -> Hatton -> Nuwaraeliya |
Tips, Notes and Special remark |
|
Related Resources | Trip reports on Chariot Path |
Author | Ranshan |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උසින් පිහිටි නුවරඑළිය නගරය අවට ප‍්‍රදේශවල පවතින සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 – 5 දක්වා පහත වැටුණු විටක මල් තුහින දැකගත හැකිය. මෙසේ උෂ්ණත්වය පහත වැටීමත් සමඟ දැඩි ශීත දේශගුණයක් අළුයම් කාලයේදී නුවරඑළිය පුරා පවතින අවස්ථාවන් හීදී මෙම මල්තුහින පතිත වේ. මේ කාලය නුවරඑළිය පරිසරය ඇතැම් විට සාමාන්‍ය ජනතාවට ඉතා කටුක බවක් ගෙන දේ.
නුවරඑළිය ආශ‍්‍රිත සීමිත ප‍්‍රදේශයකට මෙම මල් තුහින පතිතවීම දෙසැම්බර් අග භාගයේ සිට පෙබරවාරි මස අවසාන කාල සීමාව තුළදී විටින් විට දැකගත හැකිය. මල්තුහින පතිතවීම ඉතා ආකර්ෂණීය දසුන් මවන්නක් වුවද, එය නුවරඑළිය ගොවීන්ට දැඩි බලපෑම් එල්ල කරන්නකි. අර්තාපල් ප‍්‍රධාන එළවළු වගාවෙන් ආර්ථිකය සරිකර ගන්නාවූ ගොවීන් මෙම දේශගුණ රටාවෙන් තම ගොවිබිම් බේරාගැනීමට දැඩි දුෂ්කරතාවෙන් තුළ යෙදෙන අයුරු ඉතා කනගාටුදායකය.
මේ අතර, නුවරඑළිය ආශි‍්‍රතව රාත‍්‍රී කාලයේ සේවාවන්වල යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවන් මැද තම සේවාවල නියුක්තවීම අගය කළ යුත්තකි. විශේෂයෙන්ම ආරක්‍ෂක අංශවලට අනුයුක්ත අයට මෙම උෂ්ණත්වය පහළ බැසීම මහත් පීඩාවක් ගෙන දෙන්නකි. ඒ සමඟම අළුයම් කාලයේදී පාසල් යන දූදරුවන්ටද මෙම තත්ත්වය ඉතාම කටුක එකක් වේ.
කෙසේ වූවත්, මල් තුහින පතිතවීම ඉතා ආනන්දනීය දසුන් මවන්නකි. එය නුවරඑළිය ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට සීමාවූ කඳු වළල්ලක පහත් බිම්වලට පතිතවීම විශේෂ සිද්ධියකි. මල්තුහින දැක ගැනීමට නම්, නුවරඑළිය ආශ‍්‍රිත කඳුකරයට පැමිණිය යුතු වේ.
සංචාරකයන්ට ආකර්ශනීය දසුනක් වුවත් නුවරඑළි වැසියන් ඒ තුලින් පීඩා විඳියි. කෙසේ නමුත් මේ පසුගිය වසරේ නුවරඑලියට මල්තුහින පතිත වූ ආකාරය සොබාසිරි සාමාජික මදුසංක සොයුරාගේ කැමරාවේ සටහන් වූ අයුරු. Chariot Path පින්තූර අපගේ මිතුරෙකු වන හෂිලගේ කැමරාවේ සටහන් වූ අයුරුයි.
![]() Nuwaraeliya Race course |
![]() Nuwaraeliya Race course pitch |
![]() Nuwaraeliya Race course |
![]() On the sleppers |
![]() Madusanka at Race Course |
![]() Cleaning the race course |
![]() Along the beauty |
![]() Snow on Grass |
![]() Ground covered by snow |
![]() Into the paradise |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
![]() Chariot Path |
Thanks for reading…